හැඳින්විම

පහත සඳහන් මාතෘකාවන් මෙම ලිපිය මඟින් ආවරණය කරනු ලැබේ.

  • ස්ථාපනය සම්බන්ධ සටහන්

  • තාක්‍ෂණික පෙර දැක්ම

  • හඳුනාගත් ගැටළු

  • සාමාන්‍ය තොරතුරු

  • ජාත්‍යන්තරකරණය

  • කර්නලය සම්බන්ධ සටහන්

මෙම නිකුත් කිරීමේ සටහන් තුල අන්තර්ගත නොවන Red Hat Enterprise Linux @වෙළුම@ සම්බන්ධ නව තොරතුරු දැනගැනීම සඳහා, පහත දැකෙවෙන ඒකීය සම්පත් යොමුව (URL) භාවිත කර Red Hat දැනුම් මධ්‍යස්ථානය තුලින් දැනුවත් වන්න:

http://kbase.redhat.com/faq/topten_105_0.shtm

සථාපනය සම්බන්ධ සටහන්

Red Hat Enterprise Linux සහ ඇනකොන්ඩා ස්ථාපනයන්ට අදාල තොරතුරු පහත සඳහන් කොටස් තුල අන්තර්ගත වේ.

සටහන

මේ වන විට ස්ථාපනය කර තිබෙන Red Hat Enterprise Linux ප්‍රගමනය කිරීම සඳහා, ඔබ විසින් වෙනස් වී ඇති ඇසුරුම් නවීකරණය කිරීම සඳහා Red Hat ජාලය භාවිත කිරීම අනිවාර්‍ය වේ.

ඔබ හට ඇනකොන්ඩා භාවිතා කර Red Hat Enterprise Linux @වෙළුම@ නව ස්ථාපනයක් හෝ නවතම නවීකරණ වෙළුම භාවිත කර ප්‍රගමනය කල හැකRed Hat Enterprise Linux 4 දක්වා Red Hat Enterprise Linux @වෙළුම@.

ඔබ Red Hat Enterprise Linux @වෙළුම@ හි අන්තර්ගතයන් සංයුක්ත තැටි තුලින් පිටපත් කරන්නේ නම් (උදාහරණයක් ලෙස ජාලය භාවිත සිදුකරන ස්ථාපනයක් සඳහා සූදානම් වන්නේ නම්) මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් එම සංයුක්ත තැටි පිටපත් කිරීමට වග බලාගන්න. අතිරේකව සපයා ඇති සංයුක්ත තැටි හෝ වෙනත් ස්ථර වලට අදාල සංයුක්ත තැටි පිටපත් නොකරන්න, එලෙස සිදු කලහොත් ඇනකොන්ඩා හට ස්ථාපනය නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය ගොනු එම සංයුක්ත තැටි හි අඩංගු ගොනු මඟින් නැවත ලියවෙනු ඇත. මෙම අතිරේකව සපයා තිබෙන සංයුක්ත තැටි ස්ථාපනය කල යුත්තේ Red Hat Enterprise Linux ස්ථාපනය කිරීමෙන් පසුව වේ.

Note that the minimum RAM required to install Red Hat Enterprise Linux @වෙළුම@ has been raised to 1GB; the recommended RAM is 2GB. If a machine has less than 1GB RAM, the installation process may hang.

ISO අන්තර්ගතයන් සහ ලියාපදිංචිය

Red Hat Enterprise Linux @වෙළුම@ තුල තිබෙන මාධ්‍ය කට්ටලයේ සැලැස්ම මෙර තිබූ Red Hat Enterprise Linux වෙළුම් වලට වඩා වෙනස් වී ඇත. විවිධ වර්ග වලට අයත් ISO පිළිඹුවන්ගේ ප්‍රමාණය 2 දක්වා අඩු කර ඇත:

  • Red Hat Enterprise Linux @වෙළුම@ සේවා දායකය

  • Red Hat Enterprise Linux @වෙළුම@ සේවා ග්‍රාහකය

වෘක්‍ෂයන් තුල තිබෙන නිධි තුල මධ්‍ය ව්‍යාප්තියට අමතර ක්‍රියාකාරකම් ලබාදෙන විකල්පයන් අන්තර් ගතව තිබේ :

Red Hat Enterprise Linux @වෙළුම@ සේවා දායකය

  • Red Hat Enterprise Linux — ප්‍රකෘති බහු කාර්ය සේවා දායක මෙහෙයුම් පද්ධතිය තුල අථත්‍ය වතාවන් සතරක් සඳහා පහසුකම් සපයයි.

  • Red Hat Enterprise Linux අථත්‍ය වේදිකාව — දත්ත මධ්‍යස්ථාන අථත්‍යකරන මෙහෙයුම් පද්ධතිය තුල ක්ලස්ටරින් සහ ක්ලස්ටර් ගබඩාකරන පහසුකම් අන්තර්ගත වේ.

Red Hat Enterprise Linux @වෙළුම@ සේවා ග්‍රාහකය

  • Red Hat Enterprise Linux ඩෙස්ක්ටොප් — දැනුම්-සේවක ඩෙස්ක්ටොප් නිශ්පාදනය

  • වර්ක්ස්ටේෂන් විකල්පය — ප්‍රවර්ධන සහ ඉංජිනේරුමය වර්ක්ස්ටේෂන් සඳහා එකතු කල හැකි විකල්පය.

  • Virtualization Option — add-on option for virtualization support

ISO පිළිඹුවේ හෝ විකල්ප විෂය හෝඅතිරේකව සපයා තිබෙන අන්තර්ගතය එකම වෘක්‍ෂයක තිබීම වැදගත් වේ, මෙම කොටස් අතරේ අසමානතා නොතබන්නට වග බලාගත යුතු අතරීඑලෙස සිදු කිරීම දෝශයන් හෝ ආරක්‍ෂාවට තර්ජනයක් වීමට ඉඩ ඇත.s.

ලබා දී තිබෙන කොටස් ග්‍රාහකත්වය සමඟ In order to ensure that the components offered are in sync with the subscription, Red Hat Enterprise Linux @වෙළුම@ requires entering an Installation Number that will be used to configure the installer to offer the right package set.

ස්ථාපන අංකය ඔබ විසින් මඟ හැර යන්නේ නම්, මෙහි මධ්‍ය සේවා දායකයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් ලෙස සලකා ස්ථාපනය සිදුවනු ඇත. අතිරේක ක්‍රියාකාරකම් පසුව මීට අතින් එකතු කල හැක.

භාවිත කල හැකි ප්‍රකෘත අංකයන් වනුයේ:

සේවා දායකය

  • Red Hat Enterprise Linux (Server ): 31cfdaf1358c25da

  • Red Hat Enterprise Linux (Server + Virtualization): 2515dd4e215225dd

  • Red Hat Enterprise Linux අථත්‍යකරණ වේදිකාව: 49af89414d147589

ග්‍රාහකය

  • Red Hat Enterprise Linux ඩෙස්ක්ටොප්: 660266e267419c67

  • Red Hat Enterprise Linux Desktop / Virtualization Option: fed67649ff918c77

  • Red Hat Enterprise Linux ඩෙස්ක්ටොප් / වර්ක්ස්ටේෂන් විකල්පය: da3122afdb7edd23

  • Red Hat Enterprise Linux Desktop / Workstation / Virtualization Option: 7fcc43557e9bbc42

Subversion

Red Hat Enterprise Linux @වෙළුම@, Subversion වෙළුම් පාලන පද්ධතිය Berkeley DB 4.3 හා සම්බන්ධ කර තිබේ. Red Hat Enterprise Linux 4 හි සිට ප්‍රගමනය කරන්නේ නම් පද්ධතිය මත තිබෙන ඔනෑම Subversion නිධියන් සකසා ඇත්තේ Berkeley DB බාවිත කරමින "BDB" ("FSFS" මෙම ගොනුපද්ධති වෙනුවට BDB භාවිත කර ඇත), ප්‍රගමනයෙන් පසුව නිධි වෙත පිවිසීම ගැන කල්පනාකාරී වන්න. පහත දැක්වෙන ක්‍රියාවලිය Red Hat Enterprise Linux 4 මත ක්‍රියාත්මක කරන්න, Red Hat Enterprise Linux @වෙළුම@වෙත ප්‍රගමනය කිරීමට පෙර:

  1. දැනට ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් සියල්ල වසා දමා කිසිම ක්‍රියාදාමයකට නිධිය තුලට පිවිසීමට ඉඩ නොදීමට වග බලා ගන්න (උදාහරණයක් ලෙස, httpd, svnserve හෝ සෘජුව කිසිම දේශීය පරිශීලක කෙනෙකුට).

  2. නිධියේ පිටපතක් සාදා ගන්න. උදාහරණයක් ලෙස:

    
    svnadmin dump /path/to/repository | gzip 
    > repository-backup.gz
                                    
  3. svnadmin recover විධානය නිධිය මත ක්‍රියාත්මක කරන්න:

    
    svnadmin recover /path/to/repository
                                    
  4. නිධිය තුල භාවිතයට ගෙන නොමැති ඉපි සියල්ල මකා දම්න්න:

    
    svnadmin list-unused-dblogs /path/to/repository | xargs rm -vf
                                    
  5. නිධිය තුල පොදුවේ තබාගෙන ඇති සියළු මතක ගොනු මකා දමන්න:

    
    rm -f /path/to/repository/db/__db.0*
                                    

තාක්‍ෂණික පෙර දැක්ම

තාක්ෂණික පෙරදැක්මන් ලෙස සඳහන් කර ඇත්තේවර්තමානයේ නොමැති නමුත් අනාගතයේදී ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන අංගයන් වේ. එහි සඳහන් අංගයන් පරික්‍ෂා කර බැලිය හැක.

තාක්‍ෂණික පෙර දැක්මන් ලෙස සපයා ඇති බොහො අංගයන් බොහොවිට ප්‍රජාව වෙත පරික්‍ෂා කිරීම සඳහා නිකුත් කරනු ඇත.Red Hatබලා පොරොත්තුව වන්නේ ප්‍රධාන නිකුතුවකට පෙර සිදු කරන නිකුත් කිරීම් තුල මේවා අන්තර්ගත කිරීම වේ.

අස්ථායි Linux

Red Hat Enterprise Linux @වෙළුම@ මෙම බීටා වෙළුමේ අන්තර්ගතව ඇති ඒවා අතර Stateless Linux. Stateless Linux යනු පද්ධතියක් මනා ලෙස ක්‍රියාත්මක කිරීමත් පවත්වාගෙන යාමත් , එවැනි පරිගණක පද්ධති සමූහයක් කලමණාකල යුතු ආකාරයත් වේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එම පරිගණක ආදේශ කිරීමේ පහසුව වේ.

මෙය තවම ප්‍රවර්ධන අවධියේ පසුවේ අස්ථායි ක්‍රියාකාරකම් බලාපොරොත්තු වන ඉලක්කයන්ගේ අනු කොටස් වේ.එබැවින් මෙම හැකියාවන් දැනට තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇතුලත් කර ඇත.

පහත ලයිස්තුවෙන් දැක්වෙනුයේ Red Hat Enterprise Linux @වෙළුම@ beta තුල අන්තර්ගතව කර තිබෙන මූලික හැකියාවන් වේ:

  • NFS මත අස්ථායි පිළිඹුවක් ක්‍රියාකරවමින්

  • NFS මත අස්ථායි පිළිඹුවක් ලූප් බැක් මාර්ගයෙන් ක්‍රියාත්මක කරමින්

  • iSCSI තුල ක්‍රියාත්මක කරමින්

දේශීය ගොනු පද්ධතියක් තුල සිට Stateless Linux ක්‍රියාත්මක කල නොහැක, මෙම වෙනස්කම් කර්නලයේ තිබෙන වෙනස්කම්ද හේතු කොටගෙන මාස්ටර් සේවා දායකය්ව සිට ලබාගත යුතු වේ.

අස්ථායි කේත රචන දැන ගැනීමට රුචිකත්වයක් දක්වන සැම හට HOWTO ලේඛණ කියවීම ඉතා ඉහලින් රෙකමදාරු කරනු ලබනවා, එම ලේඛණ පහත සඳහන් ස්ථානයෙන් ලබා ගැනීමට හැකhttp://fedoraproject.org/wiki/StatelessLinuxHOWTO and join stateless-list@redhat.com.

GFS2

GFS2 GFS මත පදනම වූ ගොනු පද්ධතියකි. GFS2 ගොනු පද්ධතිය තවමත් නිශ්පාදන මට්ටමේ නොමැත. GFS වසර පහක පමණ කාලයක් තිස්සේ නිශ්පාදන මට්ටමේ පවතී, මෙම නිකුතුවත් සමඟ මෙය සපයා ඇති අතර ක්ලස්ටරයන් නොවන ගොනු පද්ධති මත මෙය ක්‍රියාත්මක වේ.(එනමුත් root සඳහා boot ද හැරුණු විට), ක්ලස්ටර් ගොනු පද්ධති මතද පොදුවේ තබා ගන්නා ගොනු පද්ධතියක් ලෙස භාවිත කිරීමට හැකි වේ. GFS2 ඉලක්ක ගත කර ඇත්තේ Red Hat Enterprise Linux @වෙළුම@ ප්‍රගමනුන් ලෙස වේ. මේ සඳහා පරිවර්තන උපාංගයක්ස භාවිතයේ ඇත, gfs2_convert, මෙමඟින් GFS ගොනු පද්ධතීන් GFS2 ලෙස පරිවර්තනය කල හැක.

FS-Cache

FS-Cache යනුවෙන් හැඳින් වෙනුයේ දේශීයව දුරස්ථ ගොනු පද්ධති මතකයේ රඳවාගත හැකි පහසුකමක් වේ; පරිශීලක වරුන් හට NFS දත්තයන් දේශීයව සවිකර ඇති තැටියකට ගබඩා කිරීමේ පහසුව මින් සැලසෙනු ඇත. FS-Cache පහසුකම සකසුරුවම් කර ගැනීම සඳහා, cachefilesd RPM ඇසුරුම ස්ථාපනය කර /usr/share/doc/cachefilesd-<වෙළුම>/README ඇති උපදෙස් අනුගමනය කරන්න.

ස්ථාපනය කර තිබෙන<වෙළුම> සමගාමී වෙළුමක් වන cachefilesd සමඟ ආදේශ කරන්න.

Compiz

Compiz OpenGL-based මත පදනම් වූ කවුළු කළමණාකරන වැඩ සටහනක් වේ. සාමාන්‍ය කවුළු කලමණාකරනයට අමතරව, compiz කළමණාකරුවෙකු ලෙස හැසිරෙනු ලබයි. මෙහිදී, compiz ඩෙස්ක්ටොප් එක මත සිදුකලයුතු ක්‍රියාවලිය මනා ලෙස සම්බන්ධීකරණය කර ස්ථාවර ඩෙස්ක්ටොප් එකක් ලබාදෙනු ලබයි.

Compiz 3D දෘඪාංග වේගවත් කිරීමට සහ සජීවි කුඩා කවුළු සහ කවුළු සෙවනැලි දර්ශණය කිරීමටත් ඒවා ප්‍රාණවත්ව කවුළු කුඩා කිරීමටත් සහ අථත්‍ය ඩෙස්ක්ටොප් අතර සිදුවන සංක්‍රමණයන් විදහා පෑමටත් උපයෝගි කරගනු ලබනවා.

වත්මන් දර්ශණ පරිස්ථිතියේ සීමා සහිත බව නිසා compiz OpenGL හා Xv දිගු සහිත වැඩසටහන් මත ඍජු දර්ශණ පහසුකම නිසියාකාරව ක්‍රියා නොරනු ඇත; මෙම හේතු නිසා මෙය නිසියාකාර අවශ්‍ය පහසුකම් සපයා නොමැත.

Ext3 සදහා වන වැඩි දියුණු කිරීම්

Red Hat Enterprise Linux @වෙළුම@, EXT3 ගොනු පද්ධතියේ ප්‍රමාණය 8TB වඩා වන උපරිමය වන 16TB දක්වා ඉක්මවා තිබේ. මෙම පහසුකම ඇතුලත් කර තිබෙනුයේ තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස වේ Red Hat Enterprise Linux @වෙළුම@ හිදී මෙම තත්වය මඟහැරී සම්පූර්ණ පහසුකම මින් ලබා දෙනු ඇත.

හඳුනාගත් ගැටළු

  • bind ප්‍රගමන දෝශයකි: ප්‍රගමනය කිරීමේදී bind No such file or directory දෝශය ඇතිවීමට ඉඩ තිබේ. මෙය ස්ථාපනය තුල තිබෙන දෝශයකි, මෙය GA ට පෙර සකසනු ඇත. මෙම දෝශය මඟහරවා ගැනීමට root ලෙස පද්ධතිය තුලට පිවිස පහත සඳහන් විධානය ක්‍රියාත්මක කරන්න /usr/sbin/bind-chroot-admin --enable (ඔබ විසින්bind-chroot ඇසුරුම ස්ථාපනය කර ඇත්නම්) හෝ /usr/sbin/bind-chroot-admin --sync (ඔබ විසින් caching-nameserver ඇසුරුම ස්ථාපනය කර තිබේ නම්).

  • caching-nameserver ප්‍රගමනය කිරීමේදී දෝශයක් ඇතිවිය: ප්‍රගමනය සිදුවන විටදී caching-nameserver, ඉපි ප්‍රදර්ශණය කරනු ලැබූයේ වැරදි සම්බන්ධයක් සම්බන්ධ දෝශයකි. selinux-policy ඇසුරුම තුල තිබෙන පරායත්ත ගැටළුවක් නිසා මෙය සිදුවිය, එය GA ට ප්‍රථමයෙන් ආමන්ත්‍රණය කරනු ඇත. මෙය නිරාකරණය කරගැනීම සඳහා, root ලෙස පද්ධතියට පිවිස පහත දැක්වෙන විධානය ක්‍රියාත්මක කරන්න/usr/sbin/bind-chroot-admin --sync.

  • කර්නල් මොඩියුල ඇසුරුම් (kmods) සෑදිය හැක්කේ kABI පරායත්තයන් සමඟ kernel-devel සමඟ සාදා අදාල කර්නල් ඇසුරුම් සමඟ ස්ථාපනය කිරීමෙනි. වැඩි දියුණු කරන ලද kABI kmods ස්ථාපනය කර නොමැති කර්නල් සඳහා සෑදිය නොහැක. මෙම සීමාවන් GA ට ප්‍රථම විසඳාගත යුතු වේ.

  • MegaRAID ධාවකයන් භාවිතා කරන හොස්ට් බස් ඇඩප්ටර් (Host bus adapters ) "I2O" මාත හැඩයෙන් නොව "Mass Storage" මාත හැඩයෙන් පරිහරණය කලයුතු වේ, . මෙය සිදු කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න:

    1. MegaRAID BIOS සකසුරුවම් කරන උපකරණය ඇතුල් කරන්න.

    2. ඇඩප්ටර පරිස්ථිති මෙනුව ඇතුල් කරන්න.

    3. අනෙකුත් ඇඩප්ටර විකල්පයන්, යටතේ අනුස්පර්ධාව තෝරාගෙනවිශාල ගබඩා කරණය ලෙස සකස් කර ගන්න.

    ඇඩප්ටරයට වැරදි ලෙස "I2O" අනුස්පර්ධාව ලෙස යොදා තිබෙ නම්, පද්ධතිය විසින් i2o ධාවකය රුවන්නට පටන් ගනු ඇත. මෙය අසමත් වන අතර, ඇඩප්ටරය භාවිත කල නොහැකි ලෙස දිස් වෙයි.

    Red Hat Enterprise Linux නිකුතුව සාමාන්‍යයෙන් I20 ධාවකය MegaRAID ධාවකයට ප්‍රථම රුවා ගැනීමට උත්සුක නොකරයි. මෙය ඉවතලා Linux මත භාවිත කරන විට "Mass Storage" අනුරූපී මාතය ලෙස යොමු කරන්න.

  • ext3 / jbd කර්නලය අසීරුතාවයට පත් වේ: විශාල ගොනු පද්ධති I/O ක්‍රියාවලියේදී පිටුවේ ප්‍රමාණයට වඩා කොටසේ ප්‍රමාණය කුඩා වන විට jbd කඩා වැටීමට හේතු වේ.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන අතර එය GA හීදී නිරාකරණය කරනු ඇත.

  • අථත්‍යකරණ ස්ථාපනයේ දෝශයකි: paravirt පරිශීලක ලෙස යොදාගනිමින් ජාල සම්බන්ධතාවය eth1 මත තබාගනිමින් කල ස්ථාපනය No Driver Found දෝශයක් ලෙස සටහන් විය. මෙය සකස් කර ගැනීම සඳහා ප්‍රකෘතිය ලෙස eth0 භාාවිත කරන්න.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන අතර එය GA හීදී නිරාකරණය කරනු ඇත.

  • Anaconda incorrectly selects vesa driver: when Red Hat Enterprise Linux @වෙළුම@ is installed in text-only mode on a system with a geforce 5200-based video card, the vesa driver will be selected. This is incorrect, and will cause the screen to go blank once you run system-config-display. This issue will be resolved in GA.

    To work around this, open xorg.conf and change the line Driver "vesa" to Driver "nv".

  • Virtualization paravirt guest installation failure: attempting to install a paravirt guest on a system where SELinux is enabled will fail. This issue is being investigated and will be resolved in GA.

    To work around this, turn off SELinux before installing a paravirt guest.

  • Virtualization guest boot bug: when you install a fully virtualized guest configured with vcpus=2, the fully virtualized guest may take an unreasonably long time to boot up. This issue is being investigated and will be resolved in GA.

    To work around this, disable the guest ACPI by using the kernel parameters acpi=strict or acpi=static for the virtualized kernel during grub boot.

සාමාන්‍ය තොරතුරු

මෙම ලේඛණයේ අනෙක් කොටස් හා සම්බන්ධ නොවන සාමාන්‍ය විසතර මෙහි අන්තර්ගත වේ.

අථත්‍යකරණය

Red Hat Enterprise Linux @වෙළුම@ තුල i686 සහ x86-64 අථත්‍යකරණ පහසුකම සහ, අථත්‍යකරණ පසුබිම සහ මෘදුකාංග ව්‍යුහය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇතුලත්ව තිබේ.

Red Hat Enterprise Linux @වෙළුම@ අථත්‍යකරණ ක්‍රියාවලිය hypervisorමත පදනම්ව ක්‍රියාකරයි, අවම සම්පත් ප්‍රමාණයකින් මෙම කටයුත්ත කිරීම මෙහි තිබෙන විශේෂත්වය වෙයි. Intel අථත්‍යකරණ තාක්‍ෂණය හෝ AMD AMD-V හැකියාවන්ගෙන් අනූන ප්‍රොසෙසර් Red Hat Enterprise Linux @වෙළුම@ පරිගනක පද්ධති සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලබයි..

අථත්‍යකරණය Red Hat Enterprise Linux @වෙළුම@ මත තිබෙන අතර එය මත පහත දැක්වෙන ලක්‍ෂණයන්ද හෙබි වෙයි:

  • Libvirt, පුස්තකය ථත්‍ය පරිගණක කළමණාකරනය කිරීම සඳහා ස්ථාවර පහසුවෙන් ගෙනයා හැකි වැඩසටහන් ක්‍රමලේඛන අන්තර් මුහුනතක් (API) ලබා දෙයි.

  • Virtual Machine Manager, යනු චිත්‍රක භාවිත කර අථත්‍ය පරිගණක පද්ධති කළමණාකරනය සඳහා තිබෙන උපාංගයකි.

  • ස්ථාපයකය තුල කික්ස්ටාර්ට් ඇතුළුව අථත්‍ය යාන්ත්‍රණයන් සඳහා පහසුව ඇත.

Red Hat ජාලය සහ අථත්‍ය යාන්ත්‍රණ සඳහාද උපකාර කරනු ලබයි.

වියුණු සේවා දායකයේ ඇසුරුම් වෙනස්වීම්

Red Hat Enterprise Linux @වෙළුම@ තුල 2.2 වෙළුමට අයත් Apache HTTP සේවා දායකය අන්තර්ගත කර තිබේ. මෙම නිකුතුව තුල 2.0 වෙළුමට සාපේකෙෂව කරුණු රාශියක් වැඩි දියුණු කර ඇත, මීට පහත සඳහන් සියල්ල අයත් වේ:

  • වැඩි දියුණු කල ගබඩා කරන මොඩියුල(mod_cache, mod_disk_cache, mod_mem_cache)

  • පෙර තිබූ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ මොඩියුල වෙනුවට දැන් අනන්‍යතාවය සහ බලය තහවුරු කරගැනීම සඳහා නව සැකසුමක් ඇත.

  • ප්‍රොක්සි ආධාරයෙන් බල තුලනාත්මක පහසුව (mod_proxy_balancer)

  • 32-bit වේදි කාවන් මත විශාල ගොනු හැසිරවීමේ පහසුව (නාමිකව, 2GB වඩා විශාල)

පහත සඳහන් වෙනස් කම් ප්‍රකෘති httpd මානකරනයට ඇතුල්කර නැත:

  • mod_cern_meta සහ mod_asis මොඩියුලයන් ප්‍රකෘති ලෙස රුවා නැත.

  • mod_ext_filter මොඩියුලය ප්‍රකෘති ලෙස රුවා ඇත.

Red Hat Enterprise Linux සිට ප්‍රගමනය කිරීම, httpd මානකරනය httpd 2.2 සඳහා නවීකරණය කලයුතු වේ. වැඩි විස්තර සඳහා මෙම වියුණ වෙත යොමු වන්නhttp://httpd.apache.org/docs/2.2/upgrading.html.

තුන්වන පාර්ශවීය මොඩියුලයන්

httpd 2.0 සඳහා යොදාගත් ඕනෑම තෙවන පාර්ශවීය මොඩියුලයන් httpd 2.2 සඳහා නැවත සාදා ගත යුතු වේ.

php

Red Hat Enterprise Linux @වෙළුම@ තුල PHP හි 5.1 වෙළුම අන්තර්ගතව ඇත, මෙය තුල වෙනස්කම් කිහිපයක් අන්තර්ගත වන අතර සැලකිය යුතු ලෙසඵලදායිතාවය වර්ධනය කර ඇත. පෙර වෙළුම් සඳහා රචනා කර තිබෙන වැඩ සටහන් මෙ මත ක්‍රියාත්මක කිරීම සඳහා නැවත සංශෝධනය කල යුතු වේ; PHP 4.3 සිට PHP 5.1 දක්වා සංක්‍රමණය වීම සඳහා පහත සඳහන් වියුණ බාවිත කරන්න:

http://www.php.net/manual/en/migration5.php

ක්‍රියාත්මක කල හැකි /usr/bin/php දැන් සාදනු ලබන්නේ CGI SAPI වෙනුවට විධාන රේඛාව භාවිත කරමින. /usr/bin/php-cgi විධානය CGI SAPI සඳහා භාවිත කරන්න. php-cgi සතුවද FastCGI පහසුව ඇතුලත්ව ඇත.

පහත සඳහන් දිගු කරන ලද මොඩියුලයන් එකතුකර ඇත:

  • mysqli දිගුව, MySQL 4.1 සඳහා නිපදවා ඇති නව අන්තර්මුහුණ. මෙය php-mysql ඇසුරුම තුල අන්තර්ගත වේ.

  • date, hash, Reflection, SPL සහ SimpleXML (php ඇසුරුම තුල පෙර සවිකර ඇත)

  • pdo සහ pdo_psqlite (php-pdo ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_mysql (php-mysql ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_pgsql (php-pgsql ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_odbc (php-odbc ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • soap (php-soap ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • xmlreader සහ xmlwriter (php-xml ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • dom (domxml දිගුවphp-xml ඇසුරුම තුල ආදේශ කරමින්)

පහත සඳහන් දිගු මොඩියුලයන් තවදුරටත් ඇතුලත් කරනු නොලැබේ:

  • dbx

  • dio

  • yp

  • අධික බර

  • domxml

PEAR ව්‍යුහය

PEAR ව්‍යුහය දැන් php-pear තුල ඇසුරුම් කර ඇත. Red Hat Enterprise Linux @වෙළුම@ හී අන්තර්ගත වනුයේ පහත දැක්වෙන PEAR කොටස් පමණි:

  • Archive_Tar

  • Console_Getopt

  • XML_RPC

kmod කර්නල් මොඩියුල ඇසුරුම් ABI පරායත්ත නිරීක්‍ෂණය සමඟින් සාදා ගැනීමට හැකිය.

Red Hat Enterprise Linux @වෙළුම@ මත නවීකරණය කරන ලද කර්නල් මොඩියුල සහිත ඇසුරුම් වර්තමානයේ භාවිත කරන කර්නල ABI වෙළුම හා පරායත්ත වන අවස්ථාවන් හීදී සාදාගත හැක. Red Hat Enterprise Linux @වෙළුම@ පරාසය තුල තිබෙන කරනල් මොඩියුල සාදාගැනීමේ පහසුකම මින් සැපයෙනු ඇත. මීට අදාල වියුණු අඩවිය http://www.kerneldrivers.org/ මඟින් උදාහරණ සහිතව වැඩි විස්තර ලබාගත හැක.

සංකේතාත්මක Swap කොටස් හා root නොවන ගොනු පද්ධති

Red Hat Enterprise Linux @වෙළුම@ දැන් සංකේතාත්මක swap කොටස් සඳහා පහසුකම සහ root නොවන ගොනු පද්ධති සඳහාද මෙම පහසුකම සපයයි. මේවා භාවිත කිරීම සඳහා /etc/crypttab තුල ඊට අදාල ප්‍රවේශයන් ඇතුල් කරන්න. මීට අදාල යොමුවන් /etc/fstab තුල සාදනු ඇත.

පහත දැක්වෙනුයේ ආදර්ශමය /etc/crypttab ප්‍රවේශයකි:

my_swap /dev/hdb1 /dev/urandom swap,cipher=aes-cbc-essiv:sha256
                        

මෙමඟින් සංකේතාත්මක ධාවකයක් සාදනු ඇත/dev/mapper/my_swap, මෙය /etc/fstab තුලින්ද විමසිය හැකි වේ.

/etc/crypttab පහත දැක් වෙනුයේ ගොනු පද්ධති පරිමාවක් සඳහා වන ප්‍රවේශයක අනුරුවකි:

my_volume /dev/hda5 /etc/volume_key cipher=aes-cbc-essiv:sha256
                        

/etc/volume_key සතුව පාඨමය ලෙස සංකේතාත්මක යතුරක් සටහන්ව ඇත. ඔබ හටnone යතුරු සහිත ගොනුව ලෙස යෙදවිය හැක, මෙහිදී පද්ධතිය ක්‍රියාත්මක වීමේදී සංකේතාක්මක යතුරක් විමසනු ඇත.

LUKS භාවිත කර ගොනු පද්ධති පරිමා සෑදීමට භාවිත කිරීම රෙකමදාරු කරනු ලැබේ. මෙය සිදු කිරීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න:

  1. cryptsetup luksFormat භාවිත කර සංකේතාත්මක පරිමාවක් සාදන්න.

  2. /etc/crypttab මත මෙම ප්‍රවේශය ඇතුල් කරන්න.

  3. cryptsetup luksOpen භාවිත කර පරිමාව අතින් සාදන්න(නැතිනම් නැවත ක්‍රියාත්මක කරන්න).

  4. සංකේතාත්මක කර තිබෙන පරිමාව තුල ගොනු පද්ධතියක් සාදනු ඇත.

  5. /etc/fstab මත අවශ්‍ය කරන ප්‍රවේශයන් සටහන් කරන්න.

mount සහ umount (සවි කිරීම සහ ගැලවීම)

mount සහ umount විධානයන් NFS මත ඍජුව ක්‍රියා කිරීමට පහසුකම් සපයන්නේ නොමැත; තව දුරටත් NFS ග්‍රාහකයන් සාදන්නේ නැත. වෙනත්nfs-utilsඇසුරුමක් /sbin/mount.nfs සහ /sbin/umount.nfs උපකාරකයන් මේ සඳහා අවශ්‍ය වේ.

CUPS මුද්‍රණ සැරිසරණය

CUPS බාවිත කර දේශීය අතුරු ජාලයක් තුල මුද්‍රණ පිරික්සීම සඳහා system-config-printer බාවිත කරන්න. මෙය CUPS වියුණ භාවිත කරමින්ද සිදු කල හැක http://localhost:631/.

අනු ජාලයන් මත මුද්‍රණයන් පිරික්සීමට /etc/cups/cupsd.conf ග්‍රාහක මත විවෘත කරBrowseAllow @LOCAL වෙතBrowseAllow ALL ක්‍රියාත්මක කරන්න.

ජාත්‍යන්තරකරණය

මෙම කොටස තුල Red Hat Enterprise Linux @වෙළුම@ යටතේ තිබෙන භාශා පහසුකම සම්බන්ධ තොරතුරු අන්තර්ගතව ඇත.

ආදාන ක්‍රමයන්

SCIM (Smart Common Input Method) භාවිත කරනුයේ ආසියානු රටවලට අවශ්‍ය භාෂා පහසුකම ඇතුලත් ව යතුරු කිරීමේ ඉඩ ලබා දීමට වන අතර IIIMF වෙනුවට වේ. ප්‍රකෘති GTK සඳහා වන යතුරු පුවරු ක්‍රම ඇතුලත් SCIM මොඩියුලය ලබා දෙනු ලබන්නේ scim-bridge; හා Qt, තුලදී එය ලබා දෙනු ලබන්නේ scim-qtimm මඟිනි.

විවිධ භාෂා ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කල යුතු යතුරු පහත සඳහන් වේ:

  • සියළුම භාශාවන්: Ctrl-Space

  • ජපාන: සෙන්කකු-හැන්කකු හෝ Alt-`

  • කොරියානු: Shift-Space

SCIM වැඩසටහන ස්ථාපනය කර ඇත්නම්, එය ප්‍රකෘතියක් ලෙස සියළුම පරිශීලකයින් සඳහා ක්‍රියාත්මකව පවතිනු ඇත.

භාශා ස්ථාපනය

බෝහෝ ආසියානු ස්ථාපනයන් සමඟ SCIM ස්ථාපනය කර ඇත. එසේ නොමැති නම් ඇසුරුම් කළමණාකරන වැඩසටහන බාවිත කර (pirut) "Languages" අවශ්‍ය භාශාමය පහසුකම ලබා ගන්න නැතහොත් මෙම විධානය ක්‍රියාත්මක කරන්න:


su -c 'yum groupinstall <language>-support'
                        

ඉහත සඳහන් විධානය තුල, <භාශාව> හෝ ඇසමීස්, බෙන්ගාලි, චීන, ගුජරාති, හින්දි, ජපාන, කන්නද, කොරියානු, මලයාල, මරාති, ඔරිය,පන්ජාබ්, සිංහල, ද්‍රවිඩ, තායි, හෝ තෙලිඟු.

im-chooser

නව පරිශීලක මානකරන මෙවලම නොහොත්im-chooser එකතු කර ඇත, මෙය ඔබේ ඩෙස්ක්ටොප් එක මත යතුරු පුවරු මාදිලය අක්‍රීය/සක්‍රීය කිරීම සදගහා භාවිතා කල හැකිය. SCIM ස්තහාපනය කලද එය භාවිතයට ගැනීමට අකමැති වන්නේ නම් එය im-chooser භාවිතා කර අක්‍රීය කල හැක.

xinputrc

X ආරම්භ වීමේදී, xinput.sh නව කේතයන් ~/.xinputrc හෝ /etc/X11/xinit/xinputrc ~/.xinput.d/ හෝ /etc/xinit/xinput.d/යටතේ සොයනු වෙනුවට.

Firefox තුල Pango පහසුකම

තුල තිබෙන Red Hat Enterprise Linux @වෙළුම@ Firefox සාදා ඇත්තේ Pango සමඟ වේ, එය ඉන්දියානු, චීන, ජපාන හා කොරියානු භාශාවන් මනා ලෙස හසුරවමින් ඒ සඳහා අවශ්‍ය පහසු කම ලබා දේ.

Pango අක්‍රීය කිරීම සඳහා, MOZ_DISABLE_PANGO=1 ලෙස Firefox ආරම්භ කිරීමට ප්‍රථම ඔබේ පසුබිම සකසා සිටින්න.

ෆොන්ට් වර්ග

මහත මුහුණත් වලින් තොර ෆොන්ට් සඳහා අවශ්‍ය වන පහසුකම අන්තර් ගත කර ඇත.

චීන භාශාව සඳහා වන නව ෆොන්ට් වර්ග එකතු කර ඇත: AR PL ShanHeiSun Uni (uming.ttf) සහ AR PL ZenKai Uni (ukai.ttf). AR PL ShanHeiSun Uni ප්‍රකෘති ෆොන්ට් එක වේ, මෙය තුල බිට් මැප් ඔබ්බවා ඇත. වැටිසන් සහිත සංකේතයනෙ භාවිත කිරීමට කැමති වන්නේ නම්, පහත දැක්වෙන කොටස ඔබේ ~/.font.conf ගොනුවට එකතු කරන්න:

<fontconfig>
  <match target="font">
    <test name="family" compare="eq">
      <string
>AR PL ShanHeiSun Uni</string>
    </test>
    <edit name="embeddedbitmap" mode="assign">
      <bool
>false</bool>
    </edit>
  </match>
</fontconfig
>                                
                        

gtk2 IM උප මෙනුව

Gtk2 මෙනුව IM අනු මෙනුව ප්‍රකෘතියන් ලෙස තවදුරටත් නොපෙනී යයි. විධාන රේඛාවට පිවිස පහත සඳහන් විධානය මාර්ගයෙන් ඔබහට එය සක්‍රීය කල හැක:


gconftool-2 --type bool --set '/desktop/gnome/interface/show_input_method_menu' true
                        

CJK මත පාඨමය ස්ථාපන පහසුකම

CJK (චීන, ජපාන, සහ කොරියානු) දර්ශණය කිරීමේ පහසුකම ඇනකොන්ඩා පාඨමය ස්ථාපනයේදී ඉවත්කර ඇත. දිගුකාලීනව පාඨමය අයුරින් සිදුකෙරෙන ස්ථාපනයන් සඳහා වන පහසුකම නොසලකා හරිනු ලැබ ඇත, චිත්‍රක (GUI) ස්ථාපනයක් ලෙස, VNC සහ චිත්‍රක ක්‍රමයන් වඩා උචිත වේ

gtk2 අඩුක්කුව

පහත සඳහන් ඇසුරුම් නොසලකා හරිනු ලැබ ඇති අතර ඒවා Red Hat Enterprise Linux හී දී ඉවත් කිරීමට සැලසුම් කර ඇත:

  • gtk+

  • gdk-pixbuf

  • glib

gtk2 අඩුක්කුව සඳහා ඊට අවකාශ ලබාදෙනු වස් මේවා නොසලකා හැර තිබේ, මක්නිසාද යත් ජාත්‍යන්තයකරණය සහ ෆොන්ට් හැසිරවීමේ ක්‍රියාවලිය නව ගොනු අඩුක්කුව භාවිතයෙන් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බැවිනි.

CJK input on console

If you need to display Chinese, Japanese, or Korean on the console, you need to setup a framebuffer. To do this, install bogl and bogl-bterm, and run bterm on the framebuffer. Note that the kernel framebuffer module depends on the graphics chipset in your machine.

කර්නල් සටහන්

මෙම කොටස් මඟින් විදහා දැක්වනුයේ 2.6.9 (Red Hat Enterprise Linux 4 මත පදනම්ව ඇති ආකාරය) සහ 2.6.18 (එය Red Hat Enterprise Linux @වෙළුම@ ලබා ගනු ඇත) July 12, 2006 වන විටදී තිබෙන ආකාරය වේ. අප මේ වන විට අතිරේක ක්‍රියාවලියන් එකතු කිරීම සඳහා (උදාහරණ ලෙස, අථත්‍යකරණය) කටයුතු කරමින් සිටි, බොහෝ දුරට 2.6.18 හෝ 2.6.19 විදහ දක්වා නොමැත.මෙය තවත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් , දැනට Linus වෘක්‍ෂය මත තිබෙන සියල්ල මෙහි අන්තර්ගත වේ. මෙය අවසාන හෝ සම්පූර්ණ කර තිබෙන පද්ධතිය නොවේ. නව Red Hat Enterprise Linux @වෙළුම@ ක්‍රියාකාර කම් මඟින් අප බලාපොරොත්තු තබාගෙන සිටින ඉලක්කයන් සම්බන්ධයෙන් හොඳ පෙර දැක්මක් ලබා ගත හැක. දෘඪාංග තුල සිදුව තිබෙන වෙනස්කම් හා සිදු කර තිබෙන කුඩා වැඩි දියුණු කිරීම් මෙහි ඇතුලත් කර නොමැත.

පහත දැක්වෙනුයේ මීලඟ පියවර සම්බනධව තිබෙන සවිස්තරාත්මක විස්තර තිබෙන ප්‍රභවයකි:

http://kernelnewbies.org/LinuxChanges

ඵලදායි තාවය සහ/ සමතුලිත බව
  • ආරක්ෂාවීම සඳහා විශාල කර්නල් අගුල(2.6.10)

  • ස්වෙච්චාමය කර්නලය ආරක්‍ෂාකර ගැනීම සඳහා වන පැච් එක(2.6.13) (Red Hat Enterprise Linux 4 හි අනු ඛණ්ඩයකි)

  • futexes සඳහා සැහැල්ලු user-space ප්‍රමුඛත්ව (PI) පහසුකම , සජීව වැඩසටහන් සඳහා ප්‍රයෝජනවත් වේ (2.6.18)

  • නව 'mutex' අගුළුලන ප්‍රාථමිකය (2.6.16)

  • විශාල විභේදනයන් සහිත කාල මාපකයන්(2.6.16)

    • අවම විභවයෙන් කල් ඉකුත්වන API kernel/timer.c මත ක්‍රියාවේ යොදවා ඇත, hrtimers මඟින් වඩාත් හොඳ විභවුක් සහ නිරවද්‍යතාවයක් ලබාදෙනු ලබයි. මීට පද්ධතියේ මානකරනය හා හැකියාවද බලපානු ඇත. මෙම කාල ගණකයන් itimers සඳහා භාවිත කෙරේ, POSIX කාල ගණකයන් නිසි ලෙස (nanosleep) නිරවද්‍යව kernel වේලාව දක්වනු ලබයි.

  • මොදියුලය, ක්‍රියාත්මක වන විටදී I/O සැලසුම් කරණයන් සඳහා මාරු විය හැක (2.6.10)

    • Red Hat Enterprise Linux 4 තුල තිබෙන boot විකල්පයේදී පමණක් මෙය වෙනස් කල හැක (පෝලිමක් වෙනුවට පද්ධතියට බල පැවැත්වෙන පරිදි).

  • 4-level පිටු වගු ලෙස (2.6.11) වෙත පරිවර්තනය කරන්න

    • x86-64 හට 512G සිට 128TB දක්වා මතකය විශාල කිරීමට ඉඩ ලබා දේ

  • නව නල මාර්ගයක් ක්‍රියාවේ යොදවමින් (2.6.11)

    • නල මාරගයේ බෑන්ඩ්විත් එකෙහි ඵලදායිතාව 30-90% දක්වා වැඩි දයුණු වී ඇත.

    • බ්ලොකින් රයිටරයන්ට වඩා වෘත්තාකාර රඳනයන් හට වැඩිපුර රඳාගැනීමේ හැකියාවක් ඇත

  • "Big Kernel Semaphore": විශාල කර්නල් අගුල් ධජ සංඤා ලෙස පරිවර්තනය වේ

    • ස්ව ආරක්‍ෂාව එකතු කිරීම මඟින් අගුල් රඳවා සිටින දිගු වේලාවන් කුඩා කොටස් වලට කඩා ප්‍රමාදයන් අවම කරනු ලැබ ඇත

  • X86 "SMP විකල්පයන්"

    • ලබා ගත හැකි වේදිකාවන් මත ක්‍රියාත්මක වීමේදී optimizes a single kernel image at runtime according to the available platform

    • යොමුව: http://lwn.net/Articles/164121/

  • කර්නල් හෙඩර් ඇසුරුම

    • glibc-kernheaders ඇසුරුම ආදේශ කරනු ලබනවා

    • නව headers_install මඟින් 2.6.18 කර්නලය හට මනා යෝග්‍යතාවයක් ගෙන දෙයි.

    • සැලකිය යුතු කර්නල් ශීර්ෂ සම්බන්ධ වෙනස්කම්:

      • <linux/compiler.h> ශීර්ෂ ගොනුව ප්‍රයෝජනවත් නොවන හෙයින් ඉවත් කරන ලදී

      • _syscallX() macros; user-space වෙනුවට භාවිත කලයුත්තේ syscall() C පුස්තකයන් වේ

      • <asm/atomic.h> සහ <asm/bitops.h> ශීර්ෂ පුස්තකයන් ඉවත් කරන ලදී; C කම්පයිලරය එය සතු ඇටොමික් ක්‍රියාන්විතයන් භාවිතයෙන් user-space වැඩසටහන් හට උචිත ලෙස සකස් කර ඇත.

      • අන්තර් ගත සියල්ල #ifdef __KERNEL__මඟින් ආරක්‍ෂා කර තිබුනි. නමුත් එය unifdef මෙවලම සමඟ සම්පූර්ණයෙන් ඉවත් කර ඇත; __KERNEL__ බලපෑමක් නොමැති කොටස් පරිශීලක හට නොපෙනෙන ලෙස තැබීමට නීර්ණය කරමින්.

      • PAGE_SIZE පේජ් ගොනුවේ තිබෙන අසමානතා හේතු කොට ගෙන සමහර නිර්මිතයන් සතු macro ඉවත් කරන ලදී; user-space භාවිත කල යුත්තේsysconf (_SC_PAGE_SIZE) හෝ getpagesize()

    • user-space හට වඩාත් යෝග්‍ය තත්වයක් ලබා දෙනු වස් ශීර්ෂ ගොනු කිහිපයක් සහ ශීර්ෂ අන්තර්ගතයන් කිහිපයක් ඉවත් කරනු ලැබීය

එකතු කරන ලද ගණීය විශේෂාංගයන්

  • kexec සහ kdump (2.6.13)

    • netdump kexec විසින් ආදේශ කර ඇත.kdump, වේගවත් ආරම්භයක් සහ විශ්වාසනීය kernel vmcores ලබාදීම හා විකිත්සක අවශ්‍යතාවයන් මෙමඟින් සිදු කරනු ලබයි. වැඩි විස්තර සහ මානකරන තොරතුරු ලබා ගැනීම සඳහා කරුණාකර, /usr/share/doc/kexec-tools-<version>/kexec-kdump-howto.txt වෙත යොමු වන්න(ආදේශ කරන්න <වෙළුම> අදාල වෙළුම සමඟ kexec-tools ස්ථාපිත ඇසුරුම්).

  • inotify (2.6.13)

    • පරිශීලක අතුරු මුහුණත මේ සඳහා ගනු ලබන්නේ syscalls මඟිනි: sys_inotify_init, sys_inotify_add_watch, සහ sys_inotify_rm_watch.

  • ක්‍රියාත්මක ක්‍රියාවලි සම්බන්ධකය (2.6.15)

    • fork, exec, id වෙනස සහ සියළුම ක්‍රියාවලියන් සතු පිට වීමේ සිදුවීම් user-space වෙත වාර්ථා කරනු ලබයි.

    • මෙම සිදුවීම් වඩාත් යෝග්‍යයැයි හැගෙන වැඩසටහන් ගිණුම් ගත කර හෝ/ විගණනය කිරීමට ඇතුලත් කල යුතු වේ (උදාහරණ ලෙස, ELSA), පද්දහතියේ ක්‍රියාවලි අධීක්‍ෂණය (උදාහරණ ලෙස, top), ආරක්‍ෂාව සහ සම්පත් පරිහරණය(උදාහරණ ලෙස, CKRM). මෙම කොටස් per-user-namespace, "ගොනු , බහලුම් ලෙස" සහ වෙළුම් සහගත ගොනු පද්ධති අර්ථ විචාර මඟින් ලබා දේ.

  • ගණීය RTC (සජීව ඔර්ලෝසුව) අනු පද්ධතිය (2.6.17)

  • splice (2.6.17)

    • නව IO යාන්ත්‍රණය වැඩසටහන් දෙකක් අතර දත්ත හුවමාරු කිරීමේදී පිටපත් කිරීම වලකයි.

    • යොමුව: http://lwn.net/Articles/178199/

  • IO අවහිරතා හඳුනාගැනීමේ පහසුව (blktrace): අවහිරතා උපාංගයන් මඟින් සිදුවෙන තදබදය නිරීක්‍ෂණය කිරීමේ හැකියාව ලබා දේ, මෙමඟින් තැටි වල කාර්ය භාරය මනාව විදහා දක්වයි (2.6.17)

ගොනු පද්ධතිය / LVM

  • EXT3

    • ext3 වෙන්කර ඇති කොටස් (2.6.10) (Red Hat Enterprise Linux 4 තුල)

    • ext3 සජීව ප්‍රමාණය වෙනස් වන පැච් (2.6.10) (Red Hat Enterprise Linux 4 තුල)

    • ext3 හි තිබෙන විශාල අයිනෝඩයන්ගේ දිගුකර තිබෙන ගුණාංග සඳහා පහසුකම් සපයා ඇත: ඉඩ සහ ඵලදායිතාවය වැඩි කරයි(2.6.11)

  • ධාවකයන් පිඹුරු පත් කරන බහු මාර්ග පහසුව(Red Hat Enterprise Linux 4)

  • NFSv3 සහ NFSv4 (2.6.13) සඳහා ACL පහසුකම

  • NFS: (2.6.16) වයරය මත විශාල ලිවීම් හා කියවීම් සඳහා අවශ්‍ය පහසුකම ලබා දේ.

    • 1MB ප්‍රමාණය දක්වා හුවමාරු කිරීමේ පහසුව දැන් Linux NFS ග්‍රාහක ලබා දේ.

  • FUSE (2.6.14)

    • user-space වැඩ සටහන් තුල සම්පූර්ණ ලෙස ක්‍රියා කරන ගොනු පද්ධති ක්‍රියාකාරකම් ඇතුලත් කර ඇත.

  • VFS වෙනස්කම්

  • විශාල CIFS නවීකරණය (2.6.15)

    • Kerberos සහ CIFS ACL හි ඵලදායිතාවය වර්ධනය කිරීමේ ක්‍රම වේදයන් ඇතුලත් කර ඇත.

  • autofs4: user-space autofs හි සිට ඍජුවම සවි කිරීමේ හැකියාව නවීකරණය කිරීමේදී ඇතුලත් කර ඇතකෙලින(2.6.18)

  • මධ්‍ය ගබඩාකරණ කාරක(2.6.18)

ආරක්‍ෂාව

  • ලිපින සඳහා වන අවකාශය සසම්භාවී ලෙස තේරීම

    • යොදා තිබෙන පැච් සමඟ, මෙම අඩුක්කු ක්‍රියාවලිය සසම්බාවී ස්ථානයක් පදනම් කරගෙන ආරම්බ වනු ඇත mmap() මේ සඳහා භාවිත කර ඇති මතක ප්‍රදේශය මේ සඳහා භාවිතා කරනු ඇත(පොදුවේ තිබෙන පුස්තකයන් මෙහි ඇතුලත් ව තිබේ) මෙයද සසම්බාවී වනු ඇත (2.6.12).

  • SELinux (2.6.12) සඳහා බහු විධි ආරක්‍ෂක විධි ක්‍රියාත්මක කිරීම

  • උප පද්ධතිය විගණනය කරන්න

    • ක්‍රියාවලි දර්භ මත පදනම්ව සිදුව පෙරහන්පහසුකම(2.6.17)

    • බොහෝ පෙරහන් කිරීමේ රීති සංසන්දනයන් (2.6.17)

  • TCP/UDP getpeersec: විසින් ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධිව සිටින වැඩසටහනක් සක්‍රීය කර ඇත මෙය IPSec හි ආරක්‍සහාව හා සම්බන්ධව විශේෂයෙන් TCP හෝ UDP ඇතුලත්වනක්‍රියාකිරීමද සිදුකරනු ලැබේත(2.6.17)

ජාලකරණය

  • TCP සංකුලන මොඩියුල (2.6.13) එකතු කර ඇත.

  • IPv6: සඳහා නව sockopt / ancillary සංකීර්ණ දත්ත API (2.6.14) එකතු කර ඇත

  • IPv4/IPv6: UFO (UDP අධිබරැති ෆ්‍රැග්මෙන්ටේශන්) Scatter-gather එළැඹීම (2.6.15)

    • UFO යනු Linux kernel තුල වන ජාල අඩුක්කුව විසින් විශාල UDP දත්ත කොටස් IP කැබලි වලට කැඩීයාමේ ක්‍රියාවලිය අවම කරනු ඇත. මෙමඟින් එම UDP කොටස් MTU ප්‍රමාණයේ පැකැට්ටු ලෙස කොටස් කිරිම සඳහා වැය වන සම්පත් අවම වනු ඇත.

  • nf_conntrack උප පද්දහතිය එකතු කරන ලදී (2.6.15)

    • දැනට පවතින සම්බන්ධතා අධීක්ෂණය කරන netfilter උපාංගය හට හැසිරවිය හැක්කේ ipv4 පමණි. මෙහිදී ipv6 අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි ආකාර දෙකක් වේ; ipv4 සම්බන්ධතා නිරික්‍ෂණ ipv6 ලෙස පිටපත් කරගැනීම හෝ අනු වාහකයක් භාවිත කිරීම වේ(TCP, UDP, උදාහරණ ලෙස.) මෙම මොඩියුල මේ වන තෙක් ඒවාට අදාල කේත රචනා ලියා නොමැත. එනමුත් nf_conntrack හත ඕනෑම තුන්වන (3) ස්තරයන් මත ක්‍රියාකරන වාහකයක් සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ඇත..

  • IPV6

    • RFC 3484 සමඟ සමපාත වන මූල ලිපිනය තෝරාගැනීම (2.6.15)

    • Router රිසිකරණ පහසුකම ඇතුලත් කර ඇත(RFC4191) (2.6.17)

    • Router වෙත ලඟාවිය හැකි සෝදිසි කිරීමේ පහසුව ඇතුලත් කර ඇත(RFC4191) (2.6.17)

  • රැහැන් රහිත ප්‍රකෘතියන්

    • දෘඩාංග සංඤාමය කේත සහ ඛණ්ඩනයන් අඩුකිරීමේ පහසුකම

    • QoS (WME) පහසුකම, "රැහැන් රහිත spy පහසුකම"

    • මිශ්‍ර PTK/GTK

    • CCMP/TKIP පහසුකම සහ WE-19 HostAP පහසුකම

    • BCM43xx රැහැන් රහිත ධාවකය

    • ZD1211 රැහැන් රහිත ධාවකය

    • රැහැන් රහිත දිගු සඳහා WE-20, වෙළුම 20 (2.6.17)

    • දෘඪාංග වලින් ස්වාදීනව මෘදුකාංගමය MAC ස්තරය එකතු කර ඇත, "Soft MAC" (2.6.17)

    • LEAP අනන්‍යතාවය තහවුරු කරගැනීමේ මාදිලිය

  • ගණීය ඛන්‍ඩනය හට ඉවත් කිරීමේ පහසුකම එකතු කර ඇත (GSO) (2.6.18)

    • මෙය සක්‍රීය කර තිබෙන්නේ නම් ඵලදායිතාවය ඉහල දැමිය හැකethtool

  • පැරණි පැකට්‍ පාලන ක්‍රමය වෙනුවට, SELinux හට සෑම පැකට්ටුවක් වෙත ලඟා වී පාලනය කිරීමේ පහසුකම ඇතුලත් කර ඇත.

  • secmark පහසුකම මධ්‍ය ජාලකරනය සඳහා එකතු කරන ලදී, මෙමඟින් ආරක්‍ෂක උප පද්ධති හට ජාලය තුල සංසරණය වන පැකට්ටු මත ආරක්‍සහිත සලකුණු කිරීම කල හැකි වනු ඇත. (2.6.18)

  • DCCPv6 (2.6.16)

එකතු කරන ලද දෘඪාංග පහසුකම

සටහන

මෙම කොටස මඟින් කියවෙනුයේ අන්තර්ගතව ඇති බොහෝ ගණීය හැකියාවන් වේ.

  • x86-64 ක්ලස්ටර්ඩ් APIC පහසුකම (2.6.10)

  • Infiniband පහසුව (2.6.11) ( බොහෝ අවස්ථාවන් හීදීRed Hat Enterprise Linux 4 තුල)

  • හොට් ප්ලග්

    • ගණීය මතකය එකතු කරන්න/ඉවත් කරන පහසුව මෙමරි හොට් ප්ලග් එක සමඟ එකතු කර ඇත (2.6.15)

  • SATA/libata වැඩි දියුණු කිර ඇත, අමතර දෘඪාංග පහසුකම (Red Hat Enterprise Linux 4 තුල)

    • නැවුම් ලෙස සම්පූර්ණයෙන් සකසන ලද libata දෝශ හැසිරවීම; මෙහි මූලික අරමුණ වන්නේ SATA උප පද්ධතිය තුල ඇති වන විවිධාකාර වූ දෝශයන් සදොස් කිරීම වේ..

    • Native Command Queuing (NCQ), SATA වෙළුම විධාන පෝලිම් ගත කරමින් - සතුව I/O විමසීම් කිහිපයක් එකවර එකම ධාවකයක් මත යෙදෙවීමේ හැකියාව ඇත. (2.6.18)

    • හොට් ප්ලග් පහසුකම (2.6.18)

  • EDAC පහසුකම (2.6.16) (Red Hat Enterprise Linux 4 තුල)

    • EDAC හි අරමුණ වන්නේ පරිගණක පද්ධතිය තුල සිදුවන දෝශයන් හඳුනාගෙන වාර්ථා කිරීම වේ..

  • ioatdma ධාවකයක් Intel(R) I/OAT DMA එන්ජිම සඳහා (2.6.18) එකතු කරන ලදී.

NUMA (Non-Uniform Memory Access) / Multi-core (බහු මධ්‍ය)

  • Cpusets (2.6.12)

    • Cpusets විසින් කාර්යයන් සඳහා අවශ්‍ය CPUs සහ මතක නෝඩ් ලබා දෙනු ඇත. Cpusets මඟින් CPU සහ කාර්යයන් මනා ලෙස පාලනය කරනු ලබයි. මෙය විශාල පද්ඩහති හට විශාල කාර්යයන් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

  • NUMA-aware තට්ටු සපැයුම(2.6.14)

    • This creates slabs on multiple nodes and manages slabs in such a way that locality of allocations is optimized. Each node has its own list of partial, free and full slabs. All object allocations for a node occur from node-specific slab lists.

  • Swap සංක්‍රමණය (2.6.16)

    • Swap සංක්‍රමණය නෝඩ් අතර පිටු වල භෞතික ස්ථානය වලනය කිරීමේ පහසුව සලසා දෙනු ලබයි.NUMA පද්ධති තුල යම් ක්‍රියාවලියන් සිදුවන අතරේ මෙය සිදු කල හැක.

  • ඉතා විශාල පිටු (2.6.16)

    • විශාල පිටු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය NUMA ප්‍රතිපත්ති ඇතුලත් කර ඇත: huge_zonelist() මතක ප්‍රතිපත්ති ස්තරය NUMA විසින් විමසන දුරස්ථ කලාප ලබා දෙනු ඇත. hugetlb ස්තරය විසින් විශාල පිටු සහිත කලාප සහ නොඩ් වල සහ වත්මන් cpuset තුල විමසනු ඇත.

    • විශාල පිටු cpusets හට අවනත වෙනු ඇත.

  • එක් කලාපයක් සඳහා වන VM ගණකය

    • කලාප මත පදනම්ව VM සංඛ්‍යාත්මක දත්තයන් ලබා දෙනු ලැබේ, මතක කලාපයේ අගය කුමන කලාපයකට අයත් වන්නේ දැයි දැනගැනීමට මෙය ප්‍රමාණවත් වේ.

  • Netfilter ip_tables: NUMA-aware යෙදවීම. (2.6.16)

  • බහු මධ්‍ය

    • මධ්‍ය අතර multi-core සමඟ පොදු ගබඩා සඳහා නව කාර්ය සටහන් දාමයක් එකතු කරන ලදී . මෙමඟින් ක්‍රමවත්ව cpu කාර්ය සටහන් තීරණ වඩාත් විධිමත් හා කාර්යක්‍ෂම ලෙස බොහෝ අවස්ථාවල සිදුකරනු ලබයි (2.6.17).

    • CPU සඳහා වන බල පිරිමැසුම් කාර්ය සටහන: multicore/smt cpus, ඇතැම් ඇසුරුම් භාවිතයේ පවතින විට අනෙක් ඇසුරුම් ක්‍රියාත්මක කිරීම මගින් බලය පිරිමසා ගත හැක, එවිට ලැබී ඇති කාර්යයන් සියළු CPU මත යෙදෙවීම අවශ්‍ය නොවේ.

( amd64 )



[1] http://www.opencontent.org/openpub/ මඟින් ලබාගත හැකි අංක 1 වෙළුමට අයත් විවෘත මද්‍රණ බලපත්‍රයට අයත් කොන්දේසි හා සීමාවන්ට යටත්ව බෙදාහැරීමට පුළුවන.